Posts

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය නැටුම්

Image
කලාව නිසාම රටට, ජාතියට, ආගමට ඉමහත් සේවාවක්‌ කළා වූ, කරන්නා වූ පිරිස ඉතා අල්පය. කවිය, ගණිතය, නාට්‍ය, චිත්‍ර, නිර්මාණ හෝ නර්තනය ආදී බොහෝ දේ කලාව තුළ ගැබ්ව තිබේ. මානවයකුගේ මුළු කාලය තුළම කලාව හා බැඳී පවතී. ඒ නිසාම -ජීවන කලාව ද එක්‌තරා රිද්මානුකූල කලාවකි. මේ කලාවන් අතර නැටුම් කලාවට හෙවත් නර්තනයට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. මේ අතරින් උඩරට නැටුම් කලාව දෙස්‌ විදෙස්‌ හි සුපතල කාගේත් පැසසුමට ලක්‌ වූ කලාවක්‌ ලෙස පෙන්වා දිය හැක.  ශ්‍රී ලංකාවේ නර්තනයන් ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය හා ඉතිහාසය [ සංස්කරණය ] ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය එහි ස්වදේශී ජනයා (වැදි ජනයා සහ යක්ෂ ගෝත්‍රික (යකඩ වැඩ වල නිරත වුවත්)) මත රදා පවතී. තෙල්මේ නර්තනයෙහි ඉතිහාස කථාව රාවණ රජු සමය තෙක් එනම් මීට අවුරුදු 5000 තරම් ඈතට දිවෙයි.සිංහල පුරාවෘත්තයන්ට අනුව මහනුවර උඩරට නර්තනකරුවන්ගේ සම්භවය අවුරුදු 2500 කට ඉහත දී විසූ රජවරයකුගේ ඉන්ද්‍රජාල චාරිත්‍රයක් තුළින් ගොඩ නගා ඇත. ඉපැරණි පුරාවෘත්තයක් වන "මහාවංශය" සදහන් පරිදි විජය රජතුමන් වර්ෂ 543 ශ්‍රී ලංකාවට පා තැබු විට ඔහුට මංගල උත්සවයක සංගීත හ...